Connect with us

Local News

මධ්‍යම පරිසර අධිකාරියට නව සභාපතිවරයෙක්..

Published

on

මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය තිලක් හේවාවසම් මහතා වැඩ භාරගෙන තිබේ.

හේවාවසම් මහතා ස්විස්ටර්ලන්තයේ බර්න් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිධරයෙක් වන් අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ භූගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් කටයුතු කරේ. එමෙන්ම ඔහු එම විශ්වවිද්‍යාලයේ පාරිසරික තිරසාරත්ව කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළේය.

Local News

නැවත දැනුම්දෙන තුරු වසා දැමූ 18 වංගුව…

Published

on

By

කහටගොල්ල ප්‍රදේශයෙන් මතුවූ අවදානමක් හේතුවෙන්18 වංගුව මාර්ගය නැවත දැනුම්දෙන තුරු රාත්‍රී කාලයේදී පමණක් වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව, ගල් පෙරලීමේ අවදානම හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු සෑම දිනකම පස්වරු 6:00 සිට පෙරවරු 6:00 දක්වා එම මාර්ග කොටස වසා තැබෙනු ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ප්‍රකාශ කර සිටියා.

මේ වනවිට හුන්නස්ගිරිය කහටගොල්ල ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රධාන මාර්ගයට ගල් පෙරළී ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියා.

තවදුරටත් ගල් පෙරළීමේ අවදානමක් ඇති බැවින් මාර්ගය තාවකාලික වසා දැමීමට පියවර ගැනුණි.

අවදානම් සහිත ගල් ඉවත් කිරීමෙන් අනතුරුව නැවත මාර්ගය විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

කෙසේවෙතත් දහවල් කාලයේ වුවද මාර්ගයට ගල් පෙරළීමේ අවදානම පවතින බැවින් දහවල් කාලයේ මෙම මාර්ගය භාවිත කරන රියදුරන් ඉතාමත් කල්පනාකාරීව කටයුතු කළ යුතු බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

Continue Reading

Local News

රාජ්‍ය සේවයේ ඉහල තනතුරු 3ට කැබිනට් අනුමැතිය හිමි වෙයි..

Published

on

By

රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු 3ක් සඳහා නව පත්කිරීම් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැති හිමිව තිබේ.

ඒ අනුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.එච්.පී පාලිත ප්‍රනාන්දු මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර මෙම පත්කිරීම වසරක කාලයක් සඳහා වලංගු වනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

එමෙන්ම ඉඩම් කොමසාරිස් ජනරාල් ලෙස ආර්.ඒ චන්දන සමන් රණවීර ආරච්චි මහතා පත් කර තිබේ.
කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි ආචාර්ය ඊ.ආර්.එස්.පී එදිරිමාන්න මහත්මිය පත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

Continue Reading

Local News

කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්..

Published

on

By

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළු වීම සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (14) උදෑසන 6:00ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට (15) උදෑසන 6:00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටි අතර එම නිවේදනයෙන් කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා සැලකිලිමත්වන ලෙසට ද දැනුම් දී තිබේ.

කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50–60 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බව ද නිවේදනයේ සඳහන් වේ.

මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

ප්‍රවණතාවන්