183 views 1 sec 0 comments

මහබාගේ ප්‍රදේශයේ මාරක අනතුර

In Local News
November 05, 2021

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ, ඊයේ (04) උදෑසන කොළඹ සිට මීගමුව දක්වා ධාවනය වී ඇති ජීප් රථය මහබාගේ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක , ත්‍රිරෝද රථයක සහ යතුරුපැදි දෙකක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් මහබාගේ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇති අතර තුවාලකරුවන් තුන් දෙනෙකුවේ. ඒ අතුරින් එක් අයෙකුගේ බරපතළ බවත් අනෙක් දෙදෙනා දැනට රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ජීප් රථය පදවා ඇත්තේ. අවුරුදු 16 ක ළමයෙකු බව හෙළිවී ඇති අතර ඔහු සහ ජීප් රථයේ හිමිකරු වන ඔහුගේ පියා ද පොලීසිය අත්අඩංගුවට ගනු ලැබ තිබේ.