131 views 0 secs 0 comments

ඉදිරි දෙසතිය තුළ දිවයිනට එන ඉන්දියානු සහල් තොගය..

In Local News
December 06, 2023

ඉදිරි දෙසතිය ඇතුළත ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත සම්බා සහල් තොගයේ පළමු කොටස දිවයිනට ගෙන එන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.
එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා, සම්බා සහල් මෙට්‍රික්ටොන් 50000ක් ගෙන්වීමට පසුගිය දා ලැබුණු කැබිනට් අනුමැතියට අනුව එම සහල් ආනයනය කරන බවත් මීට අදාළ ටෙන්ඩර් කැඳවීම ඊයේ (11) අවසන් වූ බවත් ප්‍රකාශ කළේ ය.

එමෙන්ම පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙඳුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවත්, මේ වනවිට වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 1000කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසීය.