182 views 1 sec 0 comments

ගාලුමුවදොර තිබූ පොලිස් ට්‍රක් රථ ඉවත් කරයි.

In Local News
April 16, 2022

ගාලුමුවදොර විරෝධතාවය අවට ප්‍රදේශයේ යොදවා තිබූ පොලිස් ට්‍රක් රථ මේ වනවිට ඉවත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියා සිටියේ විරෝධතා කඩාකප්පල් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් රටට බරපතල ප්‍රතිවිපාක ගෙන දෙන බවයි.
“මේ රටේ ජනතාවගේ සාමකාමී විරෝධතාවයක් කුමන ආකාරයකින් කඩාකප්පල් කිරීමට දරන ඕනෑම උත්සාහයක් පිළිබඳව BASL දැඩි සැලකිල්ලක් දක්වයි. එවැනි ඕනෑම උත්සාහයක් රටට, එහි ප්‍රජාතන්ත්‍රවාදයට, එහි ආර්ථිකයට සහ නීතියේ ආධිපත්‍යයට බරපතල ප්‍රතිවිපාක ගෙන දෙනු ඇත,” BASL නිවේදනය වැඩිදුරටත් සඳහන් කරයි.