
අද (13) රාත්‍රී 07:18 ට යෙදෙන සුබ මොහොතින් මහනුවර ඇසළ මහා පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතය.
පවතින කොවිඩ් අර්බුදය හේතුවෙන් මෙවර ඇසළ පෙරහර මංගල්‍යය ජන සහභාගීත්වයෙන් තොරව සිදු කෙරේ.
පෙරහර මංගල්‍යය අද දිනයේ සිට එළඹෙන 22 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.