Connect with us

Local News

අ.පො.ස සා. පෙල අයදුම්පත් භාර ගැනීම අද සිට..

Published

on

2024 (2025) අ.පො.ස සා/පෙළ විභාගය සඳහා අයදුම්පත් අද (05) සිට මාර්ගගතව භාරගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, 2024 නොවැම්බර් 30 දක්වා එම අයදුම්පත් භාරගන්නා බවය.

ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු අතර පෞද්ගලික අයදුම්කරුවන් අ.පො.ස. (සා.පෙ) විභාගය සඳහා අයදුම්කිරීමේදී ජාතික හැඳුනුම්පත භාවිත කර අයදුම් කළ යුතු වේ.

ජාතික හැඳුනුම්පත නොමැති පෞද්ගලික අයදුම්කරුවන් තම භාරකරුගේ (මව හෝ පියා) ජාතික හැදුනුම්පත භාවිත කර ලියාපදිංචි වී අයදුම්පත් ඉදිර්පත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා ඒ අනුව නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු ය.

එමෙන්ම අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීම සඳහා අයදුම්පතේ මුද්‍රිත පිටපතක් තමන් භාරයේ සුරක්ෂිතව තබා ගත යුතුය.

පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා භාවිත කළයුතු පශීලක නාම (user name) හා මුර පද (password) පාසල් ප්‍රධානීන් වෙත ලබා දී ඇත.

2024 නොවැම්බර් මස 30 වන දින මධ්‍යම රාත්‍රී පසුව මෙම විභාගය සඳහා අයදුම් කළ නොහැක බවත් කිසිදු හේතුවක් මත අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදුනොකරන බව ද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පහත දැක්වෙන දුරකථන අංක මගින් හෝ විද්‍යුත් තැපෑල මගින් වීමසීම් කළ හැකි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.

දුරකථන අංක : 0112784208 0112784537 / 0112785922
විද්‍යුත් තැපෑල : [email protected]

Local News

පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය සියළුම රෙදි චීනයෙන් පරිත්‍යාගයක් ලෙස – චීන තානාපතිවරයා සඳහන් කරයි

Published

on

By

ශ්‍රී ලංකාවට අවශ්‍ය සැම අවස්ථාවකදීම චීනය විශ්වාසවන්ත සහෝදරයකු හා සහයකයකු ලෙස කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ, අද (16) බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවති විශේෂ උත්සවයක් අමතමිනි.

මෙම අවස්ථාවේදී 2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් සදහා අවශ්‍ය රුපියල් මිලියන 5,171ක වටිනාකමින් යුතු රෙදි මුළු ප්‍රමාණයම චීන රජය විසින් පරිත්‍යාග කළ බව නිල වශයෙන් දැනුම්දෙන ලදී.

මෙම උත්සවයට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ද සහභාගීව සිටියි.

Continue Reading

Local News

හිටපු යුද හමුදාධිපති හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ශ්‍රී ලංකාවේ හිටපු යුද හමුදාධිපතිවරයෙකු වන ජෙනරාල් (විශ්‍රාමික) හැමිල්ටන් වනසිංහ මහතා 91 වන වියේදී අභාවප්‍රාප්ත වී ඇත.

1954දී කෙඩෙට් නිලධාරියෙකු ලෙස ලංකා හමුදාවට එක්වූ ඔහු, බ්‍රිතාන්‍යයේ Sandhurst හි රාජකීය හමුදා විශ්වවිද්‍යාලයේදී පුහුණුව ලැබීය.

1988දී මෙරට 11 වන යුද හමුදාධිපතිවරයා ලෙස පත්වූ ඔහු, 1995දී විශ්‍රාම ගත් පසුව ආරක්ෂක ලේකම් වැනි තනතුරුද දැරීය.

ගම්පහ මල්වාන ප්‍රදේශයේ උපන් වනසිංහ මහතා, ආනන්ද විද්‍යාලයේදී අධ්‍යාපනය ලැබූ අතර, දක්‍ෂ ක්‍රීඩකයෙකු සහ හමුදා රයිෆල් තරගවල කුසලාන දිනාගත් පුද්ගලයෙකු ලෙසද ප්‍රකටය.

Continue Reading

Local News

අනතුරට ලක්වූ නෞකාවකින් ආන්තරායකර ද්‍රව්‍ය ශ්‍රී ලංකා වෙරළට

Published

on

By

කේරළ මුහුදු තීරයේදී අනතුරට ලක්වූ MSC Elsa 3 නෞකාවේ අන්තරායකර බහාලුම් 13ක් තිබූ බව පරිසර අමාත්‍යාංශය අනාවරණය කරයි.

අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අර්.එච්.එම්.බී. අබේකොන් මහත්මිය පැවසුවේ, එම නෞකාවේ තිබූ ඇතැම් ද්‍රව්‍ය මේ වනවිට ශ්‍රී ලංකා වෙරළ තීරයට ගොඩ ගසා ඇති බවයි.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් තවත් ද්‍රව්‍යයන් මෙරට වෙරළට ගොඩගැසීමේ අවදානමක් පවතින බවද ඇය සඳහන් කළාය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහතා සඳහන් කළේ, වෙරළට ගොඩගසන ද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු අද (13) සිට ආරම්භ කරන බවයි.

Continue Reading

ප්‍රවණතාවන්