564 views 1 sec 0 comments

IPL ක්‍රීඩක වෙන්දේසියේ මිල අධිකම විදෙස් ක්‍රීඩකයා දකුණු අප්‍රිකාවෙන්..

In Sports
February 18, 2021

2021 IPL තරඟාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය අද (18) පැවැත්වුණ අතර එහිදී වඩාත්ම මිල අධික විදෙස් ක්‍රීඩකයා බවට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ තුන්-ඉරියව්වෙන්ම දක්ෂ ක්‍රීඩකයෙක් වන ක්‍රිස් මොරිස් පත්විය. IPL ඉතිහාසයේ වැඩිම වටිනාකමක් හිමිකරගත් විදෙස් ක්‍රීඩකයා වන්නේ ඔහු වන අතර අමෙරිකානු ඩොලර් මිලියන 2.2කට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඔහුව මිලදී ගත්තේ ය.
ඔහුව හිමිකර ගැනීම සඳහා රෝයල් චැලෙන්ජර්ස්, මුම්බායි ඉන්දියන්ස් සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම් ද දැඩි උත්සාහයක් දැරූ බව වාර්තා වේ.