
චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (25) පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා ඉන්දීය කාන්තා කණ්ඩායම අතර මෙම අවසන් මහා තරගය මේ වනවිට චීනයේ හැන්ග්ෂු හී ආරම්භ කර ඇති අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර ඇතිබව වාර්තා වේ.