Connect with us

Sports

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්….

Published

on

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 3 ක සුපිරි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සමත් වුණි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 286 ක් ලබා ගැනීමට සමත් වුණා.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Soumya Sarkar ලකුණු 68 ක්, Najmul Hossain Shanto ලකුණු 40 ක් හා Towhid Hridoy ලකුණු 96 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 4 ක්, ඩිල්ෂාන් මදුෂංක කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48 ක් අවසනායේ කඩුලු 7 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 114 ක් හා චරිත් අසලංක ලකුණු 91 ක් ලබා ගැනීමට සමත් වුණා.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sports

කාන්තා ලෝක කුසලානයේ පලමු තරඟයේ කාසියේ වාසිය ලංකාවට…

Published

on

By

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 13වැනි සංස්කරණය අද (23) ආරම්භ වන අතර, මුල් තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉන්දියාවේ ගුවහාතිහිදී පැවැත්වෙයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම, පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දියාවට ආරාධනා කළේය.

අදින් ආරම්භ වන ලෝක කුසලාන තරගාවලිය නොවැම්බර් 2 දා අවසන් වන අතර කණ්ඩායම් 8ක් එහිදී තරග වැදීමට නියමිතය. ඉන්දියාවේ ක්‍රීඩාංගණ 4කදීම සහ ශ්‍රී ලංකාවේ එක් ක්‍රීඩාංගණයකදීම තරග පැවැත්වෙනු ඇත.

ලීග් ක්‍රමයට ක්‍රීඩා කරන මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම තරග 7කට මුහුණදීමට නියමිත අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග 7න් 5ක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහ ඉතිරි තරග 2 ඉන්දියාවේදී පැවැත්වේ.

Continue Reading

Sports

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ආරම්භවේ…

Published

on

By

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද (30) ආරම්භ වන අතර මෙවර තරගාවලිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සංවිධානය කරයි.

සමාරම්භක උත්සවය ඉන්දියාවේ ග්වාති ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර පළමු තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර කෙරේ.

පළමු වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 7කට සහභාගි වන අතර ඒ අතර තරග 2ක් ඉන්දියාවේදීත් තරග 5ක් ශ්‍රී ලංකාවේදීත් පැවැත්වේ.

අවසාන මහා තරගය නවැම්බර් 2 වැනිදා පැවැත්වීමට නියමිතය.

Continue Reading

Sports

ආසියානු කුසලානේදී ශ්‍රී ලංකා-පාකිස්තාන තරගය අද…

Published

on

By

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද (23) පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැත්වේ.

Continue Reading

ප්‍රවණතාවන්