154 views 0 secs 0 comments

ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාවට…

In Sports
September 25, 2023

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ රන් පදක්කම හිමිකරගැනීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (25) සමත් වූ අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එම ඉසව්වේ රිදී පදක්කම හිමිකරගත්තාය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 116 රැස් කළ අතර පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කරගත්තේ ලකුණු 97ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හසිනි පෙරේරා ලකුණු 25ක් රැස්කර ගත් අතර නිලක්ෂි ද සිල්වා ලකුණු 23ක් රැස්කරගත්තාය.

පන්දු යැවීමේදී ඨිටස් Sඅදු අගනා පන්දු යැවීමක නිරතවෙමින් ලකුණු 6කට කඩුලු 3ක් දවාගැනීමට සමත් වූ අතර ර්‍අජෙශ්වරි ඝයක්වඩ් කඩුලු 2ක් දවාගත්තාය.