
බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ව්‍යාපාරික ධමිම්ක පෙරේරා අද කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දීමට නියමියි.
බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රි ධුරය සඳහා ධම්මික පෙරේරා මහතා පසුගිය දා නම් කෙරිණ.
මේ අතර ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමෙන් වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පහ විභාගයට නොගෙන ම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළේ ය.