
ලීග් වටයේ තීරණාත්මක අවසන් තරගයේදී සත්කාරක මාලදිවයින පරාජය කරමින්ත් දෙවන වරට දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණි.
පස්වන වරට පැවැති දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් එක් වූ අතර එහිදී අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ ශ්‍රී ලංකාව සහ සත්කාරක මාලදිවයින කණ්ඩායමය.
පළමු අර්ධය නිමා වනවිට ශ්‍රී ලංකාව ලකුණු 46 ට 22ක් ලෙස පෙරමුණ ගෙන තිබුණි. දෙවන අර්ධය නිමා වනවිට ලකුණු 72ට 59ක් ලෙස පෙරමුණ ගත් ශ්‍රී ලංකාව පැසිපන්දු ක්‍රීඩිකාවන් මෙවර එහි ශූරතාව දිනාගත්තාය.