853 views 0 secs 0 comments

කේන් විලියම්සන් පළමු ස්ථානයට….

In Sports
January 01, 2021

ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් ව සහ විරාත් කෝලි ව අභිබවා යමින් නවසීලන්ත නායක කේන් විලියම්සන් ලෝක ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම් අනුව ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් අතුරින් පළමු ස්ථානයට පැමිණ තිබේ.
පසුගිය දා නිමාවූ පාකිස්තාන – නවසීලන්ත පළමු ටෙස්ට් තරඟයේදී ලකුණු 129ක් රැස්කර ගැනීම ට හේ සමත් විය. ඒ හේතුවෙන් ඔහුට ලකුණු 13ක් එක්වී තිබේ.
ඔහුගේ මුළු ලකුණු ගණන 890ක් වන අතර කෝලි ලකුණු එකතුව 879ක් සහ ලෙස ද ස්මිත් ගේ ලකුණු 877ක් ලෙස ද දැක්වේ.