ඇප කොන්දේසි ලිහිල් කරගැනීම සඳහා ඉල්ලුම් කළ පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඔස්ට්‍රේලියානු අධිකරණය විසින් Wහට්සැප්ප් සේවාව භාවිත කිරීම සහ රාත්‍රියේ දී පිටතට යාමේ අවස්ථාව ලබා දී ඇති බව වාර්තා වේ.
සිඩ්නි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණය මගින් මෙලෙස ධනුෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි තවදුරටත් ලිහිල් කිරීමට පියවර ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
කාන්තාවකට අතවර කිරීමේ චෝදනා මත ධනුෂ්ක ගුණතිලක මීට පෙර ඔස්ට්‍රේලියානු ඩොලර් 150,000 ක ඇප මත නිදහස් කිරීමට සිඩ්නි අධිකරණය තීරණය කරනු ලැබුවේ ය.
