
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාර්ග දෙපස දැල්වෙන විදුලි ලාම්පු සඳහා ගෙවන බිල්පත් ගෙවීම එම මාර්ගයේ අදාළ නගර සභාවලට හා ප්‍රදේශීය සභාවලට ඉදිරියේදී ගෙවීමට සිදුවන බව පවසයි. මේ වනවිට අදාළ විදුලි බිල්පත් මාර්ග සංවර්ධන අධිකාරියෙන් ගෙවන බව එහි අධ්‍යක්ෂ ජනරාල් එල්.වි.එස් විරකෝන් මහතා සඳහන් කළේය. මේ දිනවල ඉතා අපහසු තත්ත්වයෙන් මාර්ග නඩත්තු කටයුතු සිදු කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.