728 views 0 secs 0 comments

පදික මාරුව මත අනතුර..

In Local News
January 01, 2021

ඊයේ (31) සවස 4ට පමණ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රදේශයේ, පදික මාරුවක් හරහා ගමන් කරමින් සිටි දැරියක් ත්‍රිරෝද රථයක ගැටී බරපතළ තුවාල ලබා තිබේ.
අනතුරින් තුවාල ලබා ඇත්තේ කොටගල ස්ටොනික්ලිප් වතුයායේ පදිංචි 10 වන ශ්‍රේණියේ අධ්‍යාපන ලබමින් සිටින පාසල් සිසුවියකි.
අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථය පාසල් දැරියගේ ගැටී ඇය අඩි කිහිපයක් ඉදිරියට ඇදී ගොස් තිබේ. පසුව බරපතළ තුවාල ලැබු දැරිය දික්ඔය මුලික රෝහල වෙත ඉදිරිපත් කර ඇති අතර, ත්‍රිරෝද රථ රියදුරු කොටගල නගරයේ ව්‍යාපාරිකයින් විසින් අල්ලා දිඹුල පොලීසියට බාර දී ඇති අතර අද (01) දිනයේ නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.