69 views 0 secs 0 comments

මානව හිමිකම් කොමසාරිස්වරයා හා විජිත හේරත් අමාත්‍යතුමා අතර හමුවක්

In Local News
June 24, 2025

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් අද (24) විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්විණි.

මෙම හමුවේදී මානව හිමිකම් සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කර ඇති අතර ඒ සඳහා අඛණ්ඩ හා ඵලදායී මැදිහත්වීමක් සඳහා රජයේ කැපවීම අමාත්‍ය විජිත හේරත් මහතා නැවත අවධාරණය කළේය. නව රජය බලයට පැමිණීමෙන් පසු සංහිඳියා උත්සාහයන් සහ මානව හිමිකම් ප්‍රගතිය පිළිබඳවද මහ කොමසාරිස්වරයාට විස්තර කරන ලදී.