217 views 0 secs 0 comments

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනුමත කරන ගෑස් පමණක් වෙළෙඳපොළට

In Local News
December 17, 2021

වෙළෙඳ පොළට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනුමත කරන ගෑස් සිලින්ඩර් පමණක් නිකුත් කරන ලෙස ගෑස් සමාගම්වලට අභියාචනාධිකරණය අද නියෝග කළේ ය.
වෙළඳපොළට නිකුත් කර ඇති ප්‍රමිතීන්ට අනුකූලනොවන ගෘහස්ත ගෑස් සිලින්ඩර නැවත එකතු කර ගැනීමට කටයුතු කරන ලෙස ද ගෑස් සමාගම් වෙත කළ අතුරු තහනම් නියෝග මගින්
අභියාචනාධිකරණය පෙන්වා දුන්නේ ය.
නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කර ඇති මෙම රීට් පෙත්සම රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජයරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේ මෙම නියෝග නිකුත් කෙරිණ. ලබන ජනවාරි 26 වෙනිදාට රීට් පෙත්සම වැඩිදුරටත් සලකා බැලීම කල් තැබිණ.