146 views 0 secs 0 comments

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා ඇප මත මුදා හරී…

In Local News
January 03, 2024

දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඇප මත මුදා හැරිමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වේ.

ආගම්වලට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.