උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (24) අලුයම කැනඩාව බලා පිටත්ව ගොස් තිබේ.
ඇය, පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට දකුණු ආසියානු කලාපයේ නියෝජිතවරිය ලෙස සහභාගී වීමට මෙලෙස පිටත්ව ගියේය.
කැනඩාවේ වැන්කුවර් නගරයේදී ජූනි 24 සිට 26 දක්වා පැවැත්වෙන මෙම සමුළුවේදී, ළමා හා කාන්තා අධ්‍යාපනය සහ පුහුණුව, උසස් අධ්‍යාපනය, ගුරු පුහුණුව, ජීවිත කාලය පුරාම ඉගෙනීම, සහ ඩිජිටල් තාක්ෂණය යටතේ සක්‍රීය ඉගෙනීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරේ.
එමෙන්ම නවෝත්පාදන සහ පර්යේෂණ සඳහා ආයෝජනය, ආයතනවල ඩිජිටල් පරිවර්තනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, සහ අධීක්ෂණය හා ඇගයීම් සැලැස්මක් පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිතය.
