
ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන දීමනා ඉහළ නොදැමීමට එරෙහිව ඉන්ධන බවුසර් හිමියන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුව නිසා බදාදා (16) දිනයේදී බවුසර් රථ 800ක් පමණ ක්‍රියාත්මක නොවන බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය (SLPPTOA) ප්‍රකාශ කළේය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඉන්ධන බවුසර් සඳහා 17% කින් වැඩි කිරීමට අවසර දී ඇති බවයි.අනෙකුත් අවශ්‍යතා සම්බන්ධයෙන්, මිල වැඩි කිරීමට අවශ්‍ය ගණනය කිරීම් සිදු කිරීමෙන් ප්‍රතිශතය තීරණය කළ හැකි බව ඔහු පැවසීය