පෑලියගොඩ, දුම්රිය මාර්ගයේ ගුරුකුල විද්‍යාලය අසලදී ඊයේ (14) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පිස්තෝලයකින් වෙඩි තබා ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නොමැත.අපරාධය සිදුවූ ස්ථානයේ තිබී මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝලයක් සජීවී සහ හිස් උණ්ඩ 2ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
