Connect with us

Local News

ක්‍රිකට් විනිසුරු අසාද් රවුෆ් අභාවප්‍රාප්ත වේ.

Published

on

2006 සිට 2013 දක්වා ICC Elite Panel හි සාමාජිකයෙකු වූ හිටපු පාකිස්තාන විනිසුරු අසාද් රවුෆ් ලාහෝර්හිදී හෘදයාබාධයකින් මිය ගියේය. මිය යන විට ඔහු 66 වැනි වියේ පසුවිය.
රවුෆ් 2000 දී ඔහුගේ පළමු එක්දින තරඟය සහ 2005 දී ඔහුගේ පළමු ටෙස්ට් තරඟය විනිශ්චය කළේය. 2006 දී, ඔහු ICC හි Elite Panel වෙත නම් කරන ලදී, ඔහු 2013 දක්වා එහි කොටසක් විය. ඔහු ටෙස්ට් තරග 64ක්, එක්දින තරග 139ක්, විස්සයි20 තරග 28ක් සහ කාන්තා විස්සයි20 තරග 11ක් විනිසුරු හෝ රූපවාහිනී විනිසුරු ලෙස කටයුතු කළේය.

Local News

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය සංකේත වැඩවර්ජනයක…

Published

on

By

වැටුප් විෂමතා ගැටලුව මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල අද (28) සහ හෙට (29) සංකේත වැඩවර්ජනයක නිරත වෙයි.

පවතින ආර්ථික වාතාවරණය තුළ වැටුප් වැඩි කරන්නැයි ඉල්ලා, විශ්වවිද්‍යාල අධ්‍යන අනධ්‍යන සේවකයින් පසුගිය කාලයේ විවිධ වෘත්තිය ක්‍රියාමාර්ගයන්වල නිරත විය.

කෙසේ වෙතත් පසුගියදා විශ්වවිද්‍යාල අධ්‍යන කාර්ය මණ්ඩලවලට පමණක් අධ්‍යන දීමනා වැඩි කිරීමට රජය පියවර ගත්තේ ය.

Continue Reading

Local News

ගාසා හි ළමා අරමුදලට කාගිල්ස් වෙතින් මුදල් පරිත්‍යාගයක්…

Published

on

By

කාගිල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති රංජිත් පේජ් මහතා විසින් “ගාසා හි ළමා අරමුදල” සඳහා රුපියල් මිලියන 3ක මුදලක් පරිත්‍යාග කළ අතර ඊට අදාළ චෙක්පත මුදල් අමාත්‍යාංශයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම සිදුවිය.

Continue Reading

Local News

ආගම්වාදය සහ ජාතිවාදය බැහැර කළ යුතුයි – ජනපති

Published

on

By

එකිනෙකට බැඳී පවතින ආගම්වාදය සහ ජාතිවාදය බැහැර කළ යුතු බවත්, ඓතිහාසික වශයෙන් ගැටුම්වලට තුඩු දුන් ජාතිවාදය මෙන්ම දේශපාලන හා ආගමික වාසි සඳහා යොදාගත් ආගම්වාදය පසෙකලා, සංහිඳියාව තුළින් සංවර්ධනයක් ඇති කිරීමට රජය කැපවී සිටින බවත් “සංහිඳියාව සඳහා ආගම්” යන තේමාව යටතේ ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ජාතික අන්තර් ආගමික සමුළුව අමතමින් ජනාධිපති වික්‍රමසිංහ මහතා පැවසීය

Continue Reading

ප්‍රවණතාවන්