හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් කාංචනා එන් සිල්වා මහත්මිය නියම කළා.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට අලෙවි කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත.
එමෙන්ම, ප්‍රසන්න රණවීර මහතා මහාධිකරණය හමුවේ ගොනු කළ ඇප අයැදුම්පත සලකා බලනවාද යන්න පිළිබඳ තීරණය ලබන 21 වැනිදා ප්‍රකාශ කිරීමට නියමිතය.
