722 views 0 secs 0 comments

පාකිස්තානු අගමැති ඉම්රාන් මහතා අද දිවයිනට…

In Uncategorized
February 23, 2021

අද (23) දිවයිනට පැමිණීමට නියමිත පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිළිගනු ලැබීමට නියමිතයි
පාකිස්තාන අගමැතිවරයා වෙනුවෙන් එහිදී විශේෂ හමුදා උත්තමාචාරයක්ද පිරිනැමීමට නියමිත අතර අද සවස අරලියගහ මන්දිරයේදී පාකිස්තානු අගමැතිවරයා සහ අගමැති මහින්ද රාජපක්ෂ අතර නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. එහිදී දෙරට අගමැතිවරු ඒකාබද්ධ ප්‍රකාශයක්ද නිකුත් කිරීමට නියමිතයි.
ඉන් අනතුරුව හෙට (24) පෙරවරුවේ පාකිස්තානු අගමැතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට නියමිතයි.
මෙම සංචාරයට පාකිස්තාන අගමැතිවරයා සමඟ පාකිස්තානයේ විදේශ ඇමැති මක්හුම් ෂා මෙහෙමුඩ් කුරේෂි, වාණිජ කටයුතු පිළිබඳ එරට අගමැති උපදේශක අබ්දුල් රසාක්, විදේශ කටයුතු ලේකම් සොනෙයිල් මෙහෙමුඩ් සහ පාකිස්තාන රජයේ ජේ‍යෂ්ඨ නිලධාරීහුද එක්වනවා.