157 views 0 secs 0 comments

වාහනවල ලියාපදිංචි අංක 3, 4, 5 සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීම අද ඇරඹේ..

In Uncategorized
July 21, 2022

අද (21) සිට දිවයිනපුරා සිපෙට්කෝ පිරවුම්හල්වලින් වාහනවල ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව සීමා සහිතව ඉන්ධන නිකුත් කිරීම ආරම්භ වනවා.

අද දිනයේ අවසන් ඉලක්කම 3, 4, 5 වන වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමට නියමිතව තිබෙන අතර යතුරුපැදි සඳහා රුපියල් 1500ක්, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 2000ක් සහ අනෙකුත් වාහන සඳහා රුපියල් 7000ක උපරිමයකට යටත්ව ඉන්ධන ලබාදෙන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කර සිටියා.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක අද (21) සිට නියමු ව්‍යාපෘතියක් ලෙස QR ඉන්ධන අවසරපත්‍රයට අනුව ඉන්ධන ලබාදීම සිදු කිරීමට නියමිතයි.