ලොව පුරා මයික්‍රොසොෆ්ට් ටීම්ස් (Mඉcරොසොෆ්ට් ඨේම්ස්) සේවා බිඳ වැටීමක් වාර්තා වේ. පරිශීලකයින්ට මෘදුකාංගය වෙත ප්‍රවේශ වීමට නොහැකි වීම පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව මයික්‍රොසොෆ්ට් සමාගම උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.
මේ පිළිබඳ විමර්ශනය කරන බව ද මයික්‍රොසොෆ්ට් සමාගම සඳහන් කර තිබෙන අතර පරිශීලකයින් කොපමණ සංඛ්‍යාවකට මින් බලපෑම් එල්ල වී ඇත්දැයි මයික්‍රොසොෆ්ට් සමාගම තොරතුරු හෙළි කර නොමැත.
