
නිරෝධායන රීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පන්තියේ හෝටලයක පැවැත්වූ උපන්දින සාදයේ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මෙහි මූලික කටයුතු තවදුරටත් කොටුව පොලිස් ස්ථානය මගින් සිදු කරමින් පවතී.
අදාළ සිද්ධිය පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ,
එම උපන්දින සාදයට අදාළව විද්‍යාත්මක සාක්ෂි සහ තාක්ෂණික සාක්ෂි එනම් CCඨ්V දත්ත සහ ඊට අදාළ අනෙකුත් දත්ත සම්බන්ධව තොරතුරු සෙවීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇති බවයි..