67 views 0 secs 0 comments

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා නිල සංචාරකයක් සඳහා දිවයිනට…

In Uncategorized
June 02, 2025

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් මහතා හෙට (03) ශ්‍රී ලංකාවට නිල සංචාරයකින් එක්වීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

ඔහු මෙම සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ හමුවීමට නියමිතය. තවද ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම සමරමින් ඔස්ට්‍රේලියන් හවුස් පරිශ්‍රයේදී විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වෙයි. එහි ප්‍රධාන අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියද සහභාගී වේ.

මෙහිදී ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. සංචාරයේ ප්‍රධාන අරමුණ ලෙස දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව වැඩිදියුණු කිරීම සහ ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම නම් කර ඇත.

එමෙන්ම ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ විදේශ කටයුතු හා වෙළෙඳ දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන් කිහිපදෙනෙකු මෙම සංචාරයට එක්වීමට නියමිත බවද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.