202 views 0 secs 0 comments

අනිසි තොග රැස් කරන බිත්තර නිෂ්පාදකයින්ගේ බිත්තර තොග රාජසන්තක කරනවා – වෙළෙඳ ඇමති

In Uncategorized
August 21, 2022

බිත්තර සඳහා පාලන මිල පැනවීමත් සමග අනිසි තොග රැස් කරන බිත්තර නිෂ්පාදකයින්ගේ බිත්තර තොග රාජසන්තක කරන බව වෙළෙඳ ඇමති නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.

පෙරේදා (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා පාලන මිලක් පනවමින් රජය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

ඒ අනුව සුදු බිත්තරයක් සඳහා රුපියල් 43 ක උපරිම සිල්ලර මිලක් පනවනු ලැබූ අතර දුඹුරු හා රතු පැහැති බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45කි.