
ඉන්ධන හිඟය නිසා එළවළු තොග ආර්ථික මධ්‍යස්ථාන හා තොග වෙළඳුන් වෙත නොලැබීම නිසා වෙළඳපොළේ එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.
ඉන්ධන හිඟයට අමතරව වර්ෂාව ආරම්භ වීම නිසාද එළවළු තොග ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබීමේ ප්‍රමාදයක් පවතී.
එළවළු තොග අඩුවීම නිසා ඉහළ යන මිල හමුවේ පාරිභෝගිකයින්ට සහන සැලසීමට තියා තම ජීවන වෘත්තිය පවත්වා ගෙන යාමට පවා නොහැකි තත්ත්වයක් මතුව ඇති බව වෙළෙඳු පවසති.