240 views 0 secs 0 comments

දැදුරුඔය, ඉහළ කොත්මලේ වාන් දොරටු විවෘත කෙරේ

In Local News
November 03, 2021

ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් දැදුරුඔය සහ ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටු 4 බැගින් විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.ජලාශයේ ජල මට්ටම හදිසියේ ඉහළ යාම හේතුවෙන් වාන් දොරටු විවෘත කිරීමට පියවර ගත් බවයි ඔවුන් කියා සිටියේ.

මේ අතර, අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් ඊයේ පස්වරුවේ විවෘත කෙරුණා. ගංවතුර තවදුරටත් පැවතුනහොත් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ඉතිරි වාන් දොරටු ද විවෘත කිරීමේ හැකියාව පවතින බවයි ජලාශයේ ඉංජිනේරුවරයා කියා සිටියේ.

එබැවින් හදිසි ගංවතුර තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ජලගැල්ම පහළ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.