කොග්ගල නිදහස් වෙළඳ කලාපයෙන් හා උනවටුන ප්‍රදේශයේ සංචාරක හෝටලයකින් ආසාදිතයින් 54 දෙනෙකු හඳුනාගෙන ඇති බව හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය පමෝද සිරිවර්ධන මහතා පවසයි.
වාර්තා වී ඇති සියලුම කොවිඩ් රෝගීන් අතරින් 35දෙනෙක් මේ වන විට රෝහල්වල ඉඩ නොමැතිකමින් නිවාසවල රඳවා සිටින බවත් එයින් හුස්ම ගැනීමේ අපහසුතා ඇති වු රෝගීන් සිව්දෙනෙක් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු සුදානම් කළ බවත් වෛද්‍ය පමෝද සිරිවර්ධන මහතා පැවසීය.
