258 views 0 secs 0 comments

කොවිඩ් වෛරසයෙන් ආරක්ශා වීමට ගැබිණි මව්වරුන් කළ යුතු දේ…

In Local News
May 03, 2021

මේ වන විට රෝහල් කිහිපයකින්ම කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන් 70 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ගැබිනි මව්වරුන් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ප්‍රජා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසීය.

මේ අතර කුඩා දරුවන් පිළිබඳ හා ගර්භිණී මව්වරුන් සම්බන්ධයෙන් වු සායන හුදකලා කර ඇති ප්‍රදේශවල හැරුණම සෙසු ස්ථානවල සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවද ඇය සඳහන් කළාය.

විශේෂයෙන් ම මේ වන විට පවතින කොවිඩ් වෛරසය දරුවන් ට හා ගැබිනි මව්වරුන්ට වැළඳීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බව ද වෛද්‍යවරිය පැවසුවාය.

ඒ අනුව කොවිඩ් -19 වෛරසයෙන් ආරක්ෂා වීමට ගැබිනි මව්වරු කළ යුතු දේ,

*මුව ආවරණ භාවිතය අනිවාර්ය වේ.
*හැකි තරම් ගමන් බිමන් සීමා කළ යුතුය.
*කණ්ඩායම් එක්රැස් වන ස්ථානයන්ට යෑමෙන් වැළකිය යුතුය.
*වෙළෙඳසැල් වෙත යාම හැකි තරම් අවම කළ යුතුය.
*කෘත්‍රීම ආහාර ගැනීමෙන් වැළකීම.
*නිවසේ දී ආහාර පිළියෙල කිරීමේ දී නිතර දෑත් පිරිසිදුවට තබා ගැනීම.