
කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාවේ සැලකිය යුතු ඉහළයෑමක්
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ පෙන්නුම් කරන බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය පවසනවා.
මේ වන විට ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව 35 දෙනෙක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔහු සඳහන් කළේ.
කාර්ය මණ්ඩලයේද යම් පිරිසකට ආසාදනය වී ඇති බවත් සමස්තයක් ලෙස ආසාදිතයන්ගේ ඉහළ යාමක් පෙන්නුම් කරන බැවින් ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය පෙන්වා දෙන්නේ