
ඊයේ (18) නෞකා දෙකක් තුළ ඇති ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ක් නිදහස් කර ගැනීම සඳහා මහ බැංකුව විසින් ඩොලර් නිකුත් කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. උදය ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කළේ එයින් මෙට්‍රික් ටොන් 10,000 ක් විදුලි නිෂ්පාදනය සඳහා ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාවට උපදෙස් ලබාදුන් බවයි . එම ඉන්ධන තොගය දවස් 8 කට ප්‍රමාණවත් බවයි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.