
දකුණු දිග මොරොක්කෝව ආශ්‍රිත මුහුදේ දී සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 43 දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 10 දෙනෙකු දිවි බේරා ගැනීමට සමත්ව ඇත. මියගිය පිරිස අතර කුඩා ළමුන් ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පසුගිය වසර තුළ පමණක් එම මුහුදු ප්‍රදේශයේදී සංක්‍රමණිකයින් 4,000 ක පමණ පිරිසක් මෙවැනි අනතුරුවලට ලක්ව මියගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.