
ලංකා විදුලිබල මණ්ඩලයේ කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුවූ බව පවසනවා. මේ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගා වොට් 300 ක් අහිමිවී තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ කෙසේ නමුත් අද (19) සවස් වන විට ජනන යන්ත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟවී ඇති බැවින් විදුලිය කැපීමක් සිදුනොවන බවයි