165 views 0 secs 0 comments

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය පොල්ගහවෙලට සීමා වෙයි…

In Local News
May 15, 2023

රේල් බස් රථයක් පීලි පැනීම හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය පොල්ගහවෙල දක්වා සීමාකර තිබේ.

පොතුහැර හා තලවත්තේගෙදර අතරදී එම රේල් බස් රථය මතට ගසක් කඩා වැටී මෙලෙස එම රේල් බස් රථය පීලිපැන ඇති බව වාර්තා වේ.

2022 වසරේ නොවැම්බර් මාසයේදීද මෙම ස්ථානය ආසන්නයේ මාර්ගයට වැටී තිබූ ගසක ගැටීමෙන් රේල් බස් රථයක් පීලිපැනීමකට ලක්විය.