175 views 0 secs 0 comments

අන්තර් පළාත් බස් රථ නැවැත්වීම නිශ්චිත නැවතුම්පොළවල පමණයි – ජාතික ගමනාගමන කොමිෂන් සභාව

In Local News
May 15, 2023

අද (15) සිට අන්තර් පළාත් බස් රථ නිශ්චිත නැවතුම්පොළවල පමණක් නැවැත්වීමේ නියමු ව්‍යාපෘතිය ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

මෙම්ම වැඩසටහන පළමුවෙන්ම කොළඹ සිට ගාල්ල දක්වා මාර්ගයේ ක්‍රියාත්මක කරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කර සිටියා.

ඒ අනුව අද සිට අන්තර් පළාත් බස් රථ නැවැත්විය හැක්කේ කහපාට බස් රථයක් සහිත සංඥා පුවරුවක් ඇති ස්ථානවල පමණක් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.