261 views 0 secs 0 comments

මුතුරාජවෙල රක්ෂිතය පිළිබඳ සාකච්ඡාවක්

In Local News
November 11, 2021

පසුගියදා නිකුත් කළ මුතුරාජවෙල රක්ෂිතය සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් හදුනාගෙන ඇති ජනතාව පදිංචිව සිටින ප්‍රදේශ ඉවත් කර රක්ෂිතය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දුන් බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා පවසනවා.

වත්තල, ජාඇළ, කටාන, මීගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පදිංචි ජනතාවට බාධාවක් නොවන පරිදි මහුතුරාජවෙල රක්සිතය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙයසි ජනාධිපතචිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

ගැසට් පත්‍රය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන අතර පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරවීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා ඇතුලු පිරිසක් හා බැසිල් රාජපක්ෂ ප්‍රදානත්වයෙන් සාකච්ඡාව ඇති බවයි වාර්තා වුණේ.