
පෞද්ගලික ගුවන් යානාවක් හදිසි ගොඩබෑමක් කටුනායක කිඹුලාපිටිය ප්‍රදේශයට සිදුකර තිබෙනවා.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මේ වන විට අදාළ ස්ථානයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කණ්ඩායමක් පිටත් කර යවා ඇති බවයි. ගොඩබෑමේදී නියමුවා සහ නියමුවරිය මෙන්ම කාන්තාවක්ද තුවාල ලබා මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.