155 views 0 secs 0 comments

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්…

In Local News
June 05, 2023

පවතින අයහපත් කාලගුණයත් සමඟ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේ ගාල්ල, කළුතර, බදුල්ල යන දිස්ත්‍රික්ක සඳහා මෙම නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි .

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙලුව, නාගොඩ හා ඇල්පිටිය ප්‍රදේශ සඳහාත්, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, වලල්ලාවිට, අගලවත්ත හා බුලත්සිංහල යන ප්‍රදේශ සඳහාත්, බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශය සඳහාත් මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.