157 views 0 secs 0 comments

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි…

In Local News
June 12, 2023

හෙට (13) අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 20ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව හෙට (13) උදෑසන 10.00 සිට අනිද්දා (14) උදෑසන 6.00 දක්වා ගොරකපිටිය, සිද්ධමුල්ල, ඇරැව්වල, රත්මල්දෙණිය, මහරගම – පිළියන්දල මාර්ගය, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර, බෝකුන්දර පාර සහ ඊට යාබද සියලු අතුරු මාර්ගවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.