223 views 0 secs 0 comments

දුම්රිය ස්ථානාධිපතිවරුන් හා අමාත්‍ය දිලුම් අමුණුගම අතර සාකච්ඡාවක්

In Local News
December 28, 2021

අද (28) ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම හා දුම්රිය ස්ථානාධිපතිවරුන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ, මෙම සාකච්ඡාවෙන් තම ගැටලුවලට විසඳුම් නොලැබුනහොත් දැනට ක්‍රියාත්මක වර්ජනය අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා දැඩි කරන බවයි. ඊයේ (27) දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් අද සිට ඉන්ධන, සිමෙන්ති හා තිරිඟු පිටි ප්‍රවාහන කටයුතුවලින් ඉවත්වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කළා.