169 views 0 secs 0 comments

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු තවදුරටත් ප්‍රමාද වෙයි…

In Local News
January 26, 2022

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු හෙට (27) දිනයේ සිට යළි ආරම්භ කිරීමට කලින් තීරණය කර තිබුණද, ජනවාරි මස 30 වනදින දක්වා එම කටයුතු ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍යංශ ලේකම් කේ. ඩී. ආර් වොල්ගා මහත්මිය පැවසුවේ ය.

කෙසේවෙතත් බොරතෙල් සහිත නෞකාව දිවයිනට ළඟා වීම ප්‍රමාද වීම හේතුවෙන් අදාළ ප්‍රමාදය සිදුව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවට දිගුකාලීනව බොරතෙල් සැපයීම වෙනුවෙන් ගිවිසුම් ගතව සිටින සිංගප්පුරු සමාගමට අයත් නෞකාව පසුගිය 24 වනදා මෙරටට ළඟාවීමට නියමිතව තිබුණි.

අදාළ නෞකාව අද (26) දිනයේ කොළඹ වරායට ළඟාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.

බොරතෙල් මිලදී ගැනීමට අදාළ ණයවර ලිපි විවෘත කිරීම, විනිමය ගෙවීම් ඇතුළු සියලු අවශ්‍යතාවන් මේ වන විට සාර්ථකව සම්පුර්ණ කර ඇති බව ද එම අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේය.