Connect with us

Local News

හෙට දිවයිනට එන ඉන්දියානු බිත්තර තොගය..

Published

on

ඉන්දියාවෙන් ආනයනය කළ පළමු බිත්තර ලක්ෂ 20 රැගත් නෞකාවක් හෙට (26) දිවයිනට ළඟා වීමට නියමිත බව වෙළෙද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියා.

මෙලෙස ආනයනය කරන බිත්තර, බේකරි නිෂ්පාදන සඳහා පමණක් යොදා ගැනීමට මේ වන විට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ආනයනික බිත්තර භාවිත කිරීම සඳහා මාර්ගෝපදේශන මාලාවක් සකස් කරන්නැයි , අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පසුගියදා උපදෙස් ලබාදු අතර ඒ අනුව , බේකරි නිෂ්පාදන සඳහා මෙම ආනයනික බිත්තර භාවිත කරන විට අත් ආවරණ යොදා ගැනීම සහ බිත්තර කටු ආරක්ෂිතව බැහැර කිරීම හෝ විනාශ කිරීම සිදු කළ යුතු වේ.

රටවල් කිහිපයක ව්‍යාප්තවී යන කුරුළු උණ වෛරසය මෙරටට ඇතුළුවීමට වැළැක්වීමේ අරමුණින් මෙම මාර්ගෝපදේශ නිකුත් කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

ඉන්දීය විදේශ කටයුතු ඇමති හා හිටපු ජනපති අතර විශේෂ හමුවක්..

Published

on

By

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී විශේෂ සාකච්ජාවක නිරත විය.

සිය ධූරකාලයක තුළදී ඉන්දියාව සමඟ පැවති ශක්තිමත් සබඳතාවය නව රජය එලෙසම ඉදිරියට පවත්වාගෙන යනු ඇතැයි තමා විශ්වාස කරන බව එහිදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත ප්‍රකාශ කලා.

මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා, නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සත්‍යාංජල් පාන්ඩේ, හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

මෙම හමුව කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික නිවසේදී පැවැත්විණි.

Continue Reading

Local News

ජනපති හා ඇමරිකානු තානාපතිනි අතර හමුවක්..

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

එහිදී අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා වී ඇති බව සඳහන් වන අතර, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම ආර්ථික සහ සමාජයීය සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳවද එහිදී විශේෂ අවධානය යොමු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියා.

Continue Reading

Local News

බස්ගාස්තු සංශෝධනයක්….

Published

on

By

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර තිබේ.

ඒ අනුව සියයට 4.24කින් බස් ගාස්තු සංශෝධනය වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් kara කර සිටි අතර මීට අමතරව අවම බස් ගාස්තුව රුපියලකින් අඩු වන අතර, නව අවම ගාස්තුව රුපියල් 27ක් වේ.

Continue Reading

ප්‍රවණතාවන්