164 views 0 secs 0 comments

ජල බිල්පත් ඉහල යයිද?

In Local News
February 24, 2023

ජල බිල්පත් ගෙවීම 40% දක්වා පහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කර සිටියා.

රුපියල් මිලියන 8,400 ක හිඟ බිල්පත් ඇති අතර, ඉන් රුපියල් මිලියන 6200 ක්ම ගෘහස්ත ජල පාරිභෝගිකයින් විසින් ගෙවීමට ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

බිල්පත් නොගෙවීම හේතුවෙන් මණ්ඩලයේ නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට දැඩි බාධා මතුව ඇති බව ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කල අතර විදුලි බිල යළි ඉහළ දැමිමත් සමග ජල බිල යළි ඉහළ දැමීම සම්බන්ධයෙන් මේ වනවිට යෝජනාවලියක් සකස් කරමින් සිටින බවද ඔවුන් ප්‍රකාශ කර සිටියා.