255 views 0 secs 0 comments

කාබනික පොහොර බෙදාදීම හෙට ​සිට…

In Local News
October 12, 2021

හෙට ​සිට (13) මෙවර මහ කන්නයේ වී ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදාහැරීමේ වැඩපිළිවෙල අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණයකර තිබේ.

ඊට සමගාමීව සෙසු දිස්ත්‍රික්කවලද පොහොර බෙදාහැරීම ඒ අනුව සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

කාබනික පොහොර බෙදාහැරීමේ දී අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව, මොනරාගල, ත්‍රිකුණාමලය, මඩකලපුව, කුරුණෑගල, හම්බන්තොට හා පුත්තලම යන වී වගාව බහුලව සිදුකරන දිස්ත්‍රික්ක සඳහා ප්‍රමුඛතාව ලබාදීමට තීරණය කර ඇති බවද එහි සඳහන් වේ.