
ඊයේ (12) ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට අනුව දින 05ක සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මකුන්ද් නාරාවන මහතා අද (13) උදෑසන 11.30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබේ.
ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රජයේ ආරක්ෂක ප්‍රධානීන් හමුවීමට ද නියමිත බව වාර්තා වේ.
ඉන්දීය හමුදා ප්‍රධානි මනෝජ් මුකුන්ද් නාරාවන මහතා එළඹෙන හෙට (14) සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තුවේ 38 වන සංවත්සර උත්සවයට සහභාගී වීමට ද නියමිතව තිබේ.